Books Donation SICT

ධර්ම ග්‍රන්ථ කට්ටල බෙදා දීමේ උත්සවය

නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ නිර්මාතෘ සහ උප කුලපති පූජ්‍ය ආචාර්ය බෝදාගම චන්දිම නාහිමිපාණන් විසින් සිංහල, දමිළ, ඉංග්‍රීසි භාෂාවෙන් මුද්‍රණය කරන ලද ධර්ම ග්‍රන්ථ 31කින් සමන්විත පොත් කට්ටල බෙදාදීමේ උත්සවයක් 2023.05.26 වන සිකුරාදා දින ප.ව 2.30ට නාගානන්ද සම්මේලන කේන්ද්‍රයේදී පැවැත්විණි.

නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ, බෞද්ධ අධ්‍යයන පීඨයේ පීඨාධිපති පූජ්‍ය ආචාර්ය දම්පේ විජිතරතන නාහිමිපාණන්, පූජ්‍ය බෝදාගම චන්ද්‍රවංශ හිමි, තොරතුරු සන්නිවේදන තාක්ෂණ විද්‍යායතනයේ අධ්‍යක්ෂක මහාචාර්ය රඟමිණි වේරවත්ත මහතා සහ අධ්‍යයන, අනධ්‍යයන කාර්‍ය මණ්ඩලය විසින් මෙහිදී බෞද්ධ පිරිවෙන් සහ විහාරස්ථාන, රාජ්‍ය විශ්ව විද්‍යාල, පාසල් සහ ආයතන, ජාත්‍යන්තර පාසල් සහ සංවිධාන 40කට අධික සංඛ්‍යාවකට පොත් කට්ටල බෙදාදෙන ලදි.